නීතීඥ රන්බණ්ඩා අතීත ආවර්ජනය අද


(රොෂන් තුෂාර)

ප්‍රවීන ගී පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා ගීත කලාවට කරන ලද මහඟු මෙහෙවර ඇගයීමේ හා ආවර්ජනය කිරීමේ විද්වත් කතිකාව කොළඹ අලුත් කඩේ නීතිඥ සංගම් ශ්‍රවණාගාරයේදී අද (06) සවස 3.00 පැවැත්වේ.

"අමරණීය වචන අතර රැඳුනු නීතිඥ හිතක ආවර්ජනාව"යන මැයෙන් පැවැත්වෙන මෙම විද්වත් කතිකාව කොළඹ නීතිඥ සංගමය සංවිධානය කරයි.

මනුසත් නීතිඥයෙකුගේ සත්සර චාරිකා මතකාවර්ජන මෙහෙවර ඇගයීම සම්මානලාභී ලේඛිකා විරාජණී තෙන්නකෝන් ,ගේය පද රචක සහ විචාරක රවී සිරිවර්ධන,සාහිත්‍ය විචාරක කපිල ජනක බණ්ඩාර,මාධ්‍යවේදී ලේඛක රසික ජයකොඩි යන කලාකරුවන්ගේ මූලියකත්වයෙන් සිදු කරන අතර නීතිඥ රකිත අබේගුණවර්ධන මහතා සංවාද මෙහෙයුම දියත් කරයි.