නීතී විරෝධිව මසුන් ඇල්ලූ ධීවරයින් 35 ක්- යාත්‍රා 11 නාවික හමුදා බාරයට


( රොමේෂ් මධුෂංඛ)

තලෙයිමන්නාරම, යාපනය හා ත්‍රිකුණාමලය මුහුදු තීරයන්හි නීතිවිරෝධීව මසුන් ඇල්ලූ ශ්‍රී ලංකාවේ  ධීවරයින් 35 දෙනෙකු හා ධීවර යාත්‍රා 11 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති බවට නාවික හමුදාව පවසයි.
 
උතුරු , උතුරුමැද හා නැගෙනහිර නාවික විධානයන්ට අයත් නාවික සෙබලුන් විසින් තලෙයිමන්නාරම් ජැටිය, මණ්ඩතිව්, මන්දගල් ආරු , ඉලුප්පකඩවායි, බෝල්ඩර් තුඩුව, එලිසබෙත් යන මුහුදු තීරයන්හි සිදු කල සෝදිසි මෙහෙයුම් වලදී අදාල ධීවරයින් 34 දෙනෙකු  පසුගිය දින තුනක කාලය තුලදී නාවික හමුදා භාරයට ගෙන ඇත.
 
එහිදී තහනම් දැල් භාවිතාකර  අල්ලන ලද මාලු කිලෝ 165 ක්, නීතිවිරෝධී මුහුදු කූඩැල්ලන්, 370 ක්, ජීවිතාරක්ෂක උපකරණ තොගයක්, හා තහනම් දැල් තොගයක් අත්අඩංගුවට ගනු ලැබීය.
 
ඊට අමතරව යාපනය නගරයේ නාවික හමුදාව විසින් සිදු කල සෝදිසි මෙහෙයුමකදී තහනම්දැල් කිලෝ 121 ක ප්‍රමාණයක් සමඟද සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් පිරිස් යාපනය , මන්නාරම, ත්‍රීකුණාමලය ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර එම පිරිස් හා උපකරණ තොගයන් වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය, මන්නාරම හා ත්‍රීකුණාමල සහකාර ධීවර පරික්ෂක කාර්යාලයන් වෙතට බාරදීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.