( +++ මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීගමුව පුන්නකරය ප්‍රදේශයේ පිහිටි කඩොලාන පරිසරයක ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා බිම් කොටසක් නිදහස් කරන්නැයි ගම්මුන් වෙනුවෙන් ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතා කළ ඉල්ලීමකට ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය ඊයේ (12) සිය විරෝධය පළකළාය.
තම ගමට බලපාන ධීවර ප්‍රශ්න රැසකට විසඳුම් ලබා ගැනීමට ඇමැතිවරයා කැඳවා මීගමුව පිටිපන ධීවර සමිති සංවර්ධන සමිති කාර්යාල ගොඩනැගිල්ලේ පසුගිය 10 වැනිදා පැවැති සාකච්ඡාවකදී ගම්පහ දිසා වන නිලධාරිනිය මෙම විරෝධය පළකළාය.
විද්‍යාත්මක තීත්දු තීරණ නොගෙන ගමේ ගොඩේ මිනිස්සුන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කළොත් පරිසරය විනාශ වී මිනිස්සුන්ට ජීවත්වීමට ඔක්සිජන් සපයා ගත නොහැකි නිසා තමන් කිසිසේත්ම නීතියට පිටින් වැඩ නොකරන්නේ යැයි පවසමින් වන නිලධාරී ජයතිලක මහත්මිය එම යෝජනාවට දැඩි ලෙස විරුද්ධව කරුණු දැක්වීම නිසා යෝජනාව ඉවත දැමීමට රාජ්‍ය ඇමැතිවරයාට සිදුවිය.
ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව පිටිපන ධීවර සමිති සංවර්ධන සමිති කාර්යාල ගොඩනැගිල්ලේ මෙම රැස්වීම පැවැත්විණි.
මෙහිදී ඇමැතිවරයා කඩොලාන ආශ්‍රිත පරිසර පද්ධතියක ළමයින්ට සෙල්ලම් කරන්න ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සම්බන්ධ යෝජනාවක් සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේදී කරුණු දැක්වූ දිසා වන නිලධාරිනිය මෙසේ පැවසුවා.
මේක පරිසර පද්ධතියක්. යෝජිත භූමිය රජයේ වනාන්තර භූමියක්. වන ගහනය වැඩි කරන්න මේ වෙනකොට අපේ ඉලක්කයක් තියෙනවා. කඩොලාන භූමි හෙක්ටයාර් දස දහසක් අපිට තව මදි. ඊට අමතරව අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් කතා කරද්දී අපේ භූමිය සම්පූර්ණයෙන්ම අයිති කරගෙන තියෙන බව ප්‍රජාවගෙන්ම කියවුණා. ඒ නිසා තට්ටු නිවාස ව්‍යාපෘතියක් හදන්න නගරාධිපති සමග සාකච්ඡා කර තියෙනවා.
රාජ්‍ය ඇමැති - මගේ ස්ථාවරය පුංචි දූපතක ඉන්න අපි වනජීවි, වන සංරක්ෂණ, වෙරළ සංරක්ෂණ ආයතනවල නීති මැද්දේ හිරවෙලා. මිනිස්සුන්ට ජීවත් වෙන්න තැනක් නැහැ. නම්‍යශීලි වෙලා පියවරක් ගනිමු.
දිසා වන නිලධාරිනිය -මේක රජයේ වනාන්තර භූමියක්.
සභාවෙන් - විල්පත්තුව.
දිසා වන නිලධාරිනිය -විල්පත්තුව ගැන දේශපාලන අධිකාරියෙන් අහන්න. අඩුම වන ගහනය ඇත්තේ ගම්පහ. එය සියයට එකයි දශම හයක් විතරයි. වනජීවියට තියෙන්නේ අක්කර 18යි. අපිට තියෙන්නේ හෙක්ටයාර් අසූ එකයි. ඒවාත් ඉඩම් කච්චේරි තියලා බෙදා දෙන්න හදනවා. බොයිලේරු 52ක් තියෙනවා. ඒවාට ටොන් 40ක ගස් කපනවා. මෙහෙම ගිහින් ඔක්සිජන් නැතිව ගියාම අපිට හුස්ම ගන්න බැරි වෙනවා. කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න ගස් නැතිව යනවා. විද්‍යාත්මක තීත්දු තීරණ නොගෙන ගමේ ගොඩේ මිනිස්සුන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කරන්නනම් අපි ඉගෙන ගෙන මේ තනතුරුවලට එන්න ඕනෑ නැහැ.
සභාවෙන් - ඔක්සිජන් මොකටද? තිබුණාට වැඩක් නැහැ ළමයින් කුඩු ගංජා ගහනවා.
දිසා වන නිලධාරිනිය -මේ භූමිය රජයේ භූමියක් බව මම උසාවියේ ඔප්පු කර තියෙනවා. කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් ඉදිරිපත් වෙන්න.
රාජ්‍ය ඇමැති -ඔබතුමියත් අපිත් නියෝජනය කරන්නේ ආණ්ඩුව. රණ්ඩු වෙලා අපිට ගමනක් යන්න බැහැ. කතා කරලා සාමකාමීව යන්න තියෙනවානම් හොඳයි.
(සභාවේ දෙපක්ෂයක් බහින්බස් වේ)
රාජ්‍ය ඇමැති -ඔය කාරණය පැත්තක තියලා අනෙක් ව්‍යාපෘතිය කරගෙන යන්න උදව් කරන්න.
දිසා වන නිලධාරිනිය -ප්‍රශ්නයක් නැහැ. හැබැයි නීතියට පිටින් වැඩ කරන්න බැහැ.
ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ සාමාජිකයෝ සහ රජයේ නිලධාරීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

