නීතිඥ ලක්මාලි ආර්ථික ආංශික කමිටුවේ සභාපති පුටුවට


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු  කාරක සභාවේ සභාපතිවරිය ලෙස පත්වූවාය.

එම කාරක සභාව අද (22) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කළ අතර  පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා එම නාම යෝජනාව ස්ථිර කළේය.

මෙම  රැස්වීමට  කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු සහභාගී වූහ.