නීති විරෝධීව රට පනින්න හැදූ 6ක් හලාවතදී අත්අඩංගුවට


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 

නීති විරෝධී ආකාරයෙන් මුහුදු මාර්ගයෙන් විදෙස් ගතවීමට සූදානම් වු හයදෙනෙකු අද(6 ) අලුයම අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.
 
මෙසේ අත් අඩංගුවට ගෙන ඇති පිරිස උඩප්පුව ප්‍රදේශයේ පදිංචි ධීවරයෝ වෙති.
 
හලාවත මෝය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇති මෙම පිරිස ජීප් රථයකින් පැමිණ ඇති බවද පොලිසිය කියයි.
 
නාවික හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත වැටලීම කර ඇත.
 
හලාවත සිට මුතුපන්තිය දක්වා මුහුදු තීරයෙදී මෙලෙස නීති විරෝධි ආකාරයට මුහුදු මාර්ගයෙන් විදෙස් රටවලට යාම නිරන්තරයෙන් සිදුවන බවද පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගෙන ඇති පිරිස මේ වන විට ප්‍රශ්න කරමින් පවතින බවත් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් හලාවත පොලිසිය සඳහන් කරයි.

(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)