නීති විරෝධිව ගෙන්වු සිගරට් සමඟ අයෙක් පොලිස් දැලේ


( සිරංගිකා ලොකුකරවිට)

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද සිගරට් තොගයක් සමඟ සැකකරුවකු ඔසනගොඩ ප්‍රදේශයේ දී ගාල්ල පොලිසිය විසින් අද (29) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසෙ අත්අඩංගුවට ගෙන ඇත්තේ හියුම්ස් පාරේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි.

දක්ෂිණ නාවික හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටළීම සිදුකරන අවස්ථාවේ ඔහු සතුව සිගරැට් 1960ක් තිබු බව පොලිසිය කියයි.

මෙම වැටලීම සඳහා නාවික හමුදා බුද්ධි නිලධාරීන් සමඟ ගාල්ල පොලිස් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් ද සහභාගිවී ඇති අතර සිගරැට් තොගය ‍සමඟ සැකකරු ගාල්ල මූලස්ථාන පොලිසිය භාරයට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත බවයි.