(නිමල කොඩිතුවක්කු )
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අසළ මේ මොහොතේ පවතින උද්ඝෝෂණයක් හේතුවෙන් ඒ අවට මාර්ග සියල්ලෙහි දැඩි රථ වාහන තදබදයක් පවතී.
නිවාස සංවර්ධන අධිකායේ සේවය කළ තරුණ තරුණියන් පිරිසක් තමන් සේවයෙන් ඉවත් කළැයි පවසමින් මෙම උද්ඝෝෂණයේ නිරතව සිටිති.
138 බස් මාර්ගය අවහිර කරමින් ඔවුහු මාර්ගයේ බිම වාඩි වී සිටින අතර , මේ හේතුවෙන් පිටකොටුව දෙසට පැමිණෙන වාහන මෙන්ම පිටකොටුව සිට 138 මාර්ගයේ ගමන් ගන්නා සියලු වාහන අතරමඟ නවතා තිබේ.
මේ හේතුවෙන් අවට මාර්ගයන්හි ද දැඩි වාහන තද බදයක් පවතී.
ඔවුහු මාර්ග බාධකද පෙරලා නිවාස සංවර්ධන අධිකාරිය තුළට ඇතුළු වීමට උත්සාහ කළද ආරක්ෂක අංශ යොදවා ඔවුන් පාලනය කිරීමට පියවර ගෙන තිබේ.
. මේ වන විට පොලීසිය, කැරලි මර්ධන ඒකකය ජල බවුසර ද එම ස්ථානයට ගෙන්වා ඇති අතර අවට ආරක්ෂාව තර කර ඇත.

