(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පිළියන්දල පොල්හේන දෙමහල් නිවසක ඉහළ මහලේ නවාතැන්ගෙන සිටි 26 හැවිරිදි දැඩි පිළිස්සුම් තුවාල ලබා නිවස තුළම මිය ගොස් ඇතැයි පිළියන්දල පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ බෙරලපනාතර - නාගොඩ පදිංචි ශ්‍රියාංජලී නැමැති තරුණියකි.
පොල්හේන ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන තවත් තරුණියන් දෙදෙනකු සමඟ ඇය මෙම නිවසේ නවාතැන් ගෙන සිට ඇති අතර වසර තුනක පමණ කාලයක් ඇය මෙලෙස සිට ඇතැයි තොරතුරු අනාවරණය වී තිබේ.
අද අලුයම මෙම සිදු වීම වී ඇති අතර ඇය නවාතැන්ගෙන සිටින කාමරයට යාබද කාමරයත් ගින්නට හසු වී එම කාමරයේ සියලු භාණ්ඩද විනාශ වී ඇතැයි පොලීසිය පවසයි.
සිදුවීම වුයේ කෙසේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.