නිල්වලා ගඟත් පිටාර මට්ටම ආසන්නයේ


(අජිත් ලංකාතිලක)
 

දෙනියාය, මොරවක, කොටපොල. මොරවක ආදී නිල්වලා ගඟෙහි ඉහළ ජල පෝෂක ප්‍රදේශයන්ට ඇදහැළෙන අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් නිල්වලා ගඟද පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතී.

මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මිනුම් වලට අනුව නිල්වලා ගඟෙහි අකුරැස්ස පානදුගම ජල මාපකයේ සාමාන්‍ය ජල මට්ටම වන්නේ මීටර් 3.2 කි. පිටාර මට්ටම මීටර් 5.8 කි. එහි  අද (17) උදෑසන වන විට සටහන්ව තිබූ අගය වුයේ මීටර් 5.1 කි.