(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ රජයේ මුද්‍රණාලාධිපති ව්‍යවස්ථාව පසෙකට දමා චක්‍රලේඛ දෙකක් අල්ලගෙන දඟලන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
චක්‍රලේඛයකට සහ නිවේදනයකට ව්‍යවස්ථාව අභිබවා යන්න පුලුවන්දැයි ප්‍රශ්න කළ කිරිඇල්ල මහතා සියලු චක්‍රලේඛ ව්‍යවස්ථාවට යට බව කීය.
ඡන්ද අයිතිය යනු ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකමක් බවද මැතිවරණ කොමිසමේ කකුලෙන් අදිනවා යනු මූලික මිනිස් අයිතිවාසිකම් වලට පහරක් එල්ල කිරීම බවද කිරිඇල්ල මහතා පැවසීය.

