(සුමතිපාල දීයගහගේ )
ගාල්ල බූස්ස නාවික හමුදා කදවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතුවල යෙදි සිටි ජාත්‍යන්තර
නෞකා සහ වරාය ආරක්ෂණ අංශයේ රාජකාරීවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු නිරෝධායනය සාර්ථකව අවසන්
කොට පිටව ගිය බව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පවසයි.
මොවුන් එම මධ්‍යස්ථානයෙන් පිටව යෑමට පෙර පී සී ආර් පරික්ෂණයට භාජනය කොට කෝවිස්-19 වෛරසය ඔවුන්ගේ
සිරුරු තුල නොමැති බව තහවුරු කර ගෙන තිබුණි.
එමෙන්ම මෙම කණ්ඩායම නිරෝධායනය සාර්ථකව අවසන් කළ බවට නිකුත් කරන සහතිකය නාවික හමුදාව විසින්
මොවුන්ට ලබාදී තිබේ.
මේවන විට බූස්ස නාවික හමුදා කදවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේදි එම කටයුතු අවසන් කළ
පුද්ගලයින් 129 දෙනෙකු පිටව ගොස් ඇති අතර තවත් 55 දෙනෙකු තව දුරටත් එම කටයුතුවල නිරතව සිටින බවද ඉසුරු
සූරියබණ්ඩාර මහතා පැවසිය.