(ඉන්දිකා රාමනායක)
නීරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවු පැය 24ක කාලය තුළ පුද්ගලයන් 405 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර, මාතලේ සහ කුලියාපිටිය ප්‍රදේශවලිනි.
මහනුවර ප්‍රදේශයෙන් පුද්ගලයන් 62 දෙදෙනෙක් ද, මාතලේ ප්‍රදේශයෙන් පුද්ගලයන් 35 දෙනෙක් ද, කුලියාපිටිය ප්‍රදේශයෙන් 40 දෙනෙක් ද වශයෙන් මෙම පිරිස අත්ඩංගුවට ගත්හ
පළාත් අතර සංචරණ සීමා උල්ලංඝනය කරමින් බස්පනාහිර පළාතට ඇතුළුවම ට උත්සහ කළ පුද්ගලයන් 107 දෙනකු ඊයේ දිනයේ මාර්ග බාධක 14 තුළදී ක් තුළ දී ආපසු හරවා යවා ඇත.

