(ඉන්දිකා රාමනායක)
සංචරණ සීමා උල්ලංඝනය කළ පුද්ගලයන් 433දෙනකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මින් වැඩිම ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර, ගම්පොළ, කුලියාපිටිය යන ප්‍රදේශවලින් බවද හෙතෙම කියයි.
මහනුවර ප්‍රදේශයෙන් 67 දෙනකු, ගම්පොල ප්‍රදේශයෙන් 56 දෙනකු, හා කුලියාපිටිය ප්‍රදේශයෙන් 43 දෙනකු වශයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයින් 45532ක් අත්අඩංගුවට ගෙන තිබේ .
මේ අතර පළාත් අතර සංචරණ සීමා උල්ලංඝනය කරමින් පළාත් අතර සංචාරය කිරීමට පැමිණි පුද්ගලයන් 86 දෙනකු ඊයේ දිනයේ හරවා යැවූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

