නියෝජ්‍ය සෞඛ්‍ය ප්‍රධානියාගෙන් හාම්පුතුන්ට අවවාදයක්


(සුජිත් හේවාජුලිගේ )

උණ රෝගයෙන් පෙළෙන සේවකයන් රාජකාරි සඳහා නොකැඳවන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සියලු ආයතන ප්‍රධානීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

එවැනි රෝගීන් කැඳවීමෙන් ආයතනවල කොරෝනා අවදානමක් මතුවිය හැකි යැයි පෙන්වා දෙන ඒ මහතා උණ රෝගයෙන් පෙළෙන සේවකයන් ගැන දැඩි අවධානයකින් සිටින ලෙසටද දැනුම් දෙයි.

මේ අතර වායුසමනය කරන ලද ස්ථානවල හෝ සම්පූර්ණයෙන්ම වැසුණු ස්ථානවල රාජකාරි කරන පිරිස් මුව ආවරණ නොමැතිව එකට කතාබස් කරමින් ආහාර ගැනීම හෝ තේ පානය කිරීම හෝ සාකච්ඡා පැවැත්වීම වැනි කටයුතුවලින් වළකින ලෙසද හේරත් මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

කිහිපදෙනෙකු එකට එකතු වී ආහාර ගැනීම වැනි ක්‍රියාකාරකම් කොරෝනා පැතිරීමට බෙහෙවින් ඉවහල් වන බව සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පෙන්වා දෙති.