
(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව අනීතික විදුලි බිලට එරෙහි පා ගමන පැවැත්වෙන අතර මේ වන විට දිවුලපිටිය නගරය හා අවට දැඩි පොලිස් රැකවල් යොදා තිබේ.
නගරයේ වටරවුම් මංසන්දි වල මාර්ග බාධක සූදානම් කර ඇති අතර මේ වන විට සෑම මංසන්ධියක ම කුඩා කණ්ඩායම් ලෙ ස පොලීසිය යොදවා ඇත .
විශේෂ කැරලි මර්දන කණ්ඩායළි මර්දන කණ්ඩායමක් සහ හමුදා භට කණ්ඩායමක් ද පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක්ද දිවුලපිටිය ක්‍රීඩාංගනයේ ස්ථාපිත කර තිබෙනු දක්නට ලැබිණි .
විදුලි පාවිච්චිකරන්න න්ගේ සංගමය ජාතික ලේකම් ධම්මික සංජීව මහතා ප්‍රකාශ කළේ පොලිස් ආඥා පනත ද වඩා බලවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද යන්න අද බලා ගත හැකි බවයි .
මීගමුව පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතා ශබ්ද විකාශන යන්ත්‍ර මාර්ගයෙන් මෙම පාගමන නීති විරෝධී බව පවසමින් තහනම් නියෝගයක් ප්‍රකාශයට පත් කලද ඒ බව නොතකා පා ගමන යන පිරිස් ඉදිරියට ගමන් කිරීම ඇරඹූහ



