
(දයාරත්න ඇඹෝගම)
ඉලන්දගහවැව ප්‍රදේශයේ කුඹුරු යායක බදින ලද නියරක් මතට බුලත් කෙළ ගැසුවේ යැයි කියන සිද්ධියක් මුල්කර ගනිමින් ඥාතින් දෙදෙනෙකු අතර ඇතිවු බහින් බස්විමක් දුරදිග ගොස් පුද්ගලයෙකු විසින් උදැල්ලකින් හිසට පහරදි 44 හැවිරිදි එක්දරු පියෙකු ඝාතනය කොට ඇතැයි ඇලයාපත්තුව පොලිසි කියයි.
ඝාතනයට ලක්ව ඇත්තේ ඇලයාපත්තුව ඉලන්දගහවැව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලික බස්රථ රියදුරෙකු වන අසිත සංජීව බණ්ඩාර ඉලංගසිංහ(44)නැමති එක්දරු පියෙකි.
ඉලන්දගහවැව,මහ අක්කරය නැමති කුඹුරු යායක බදින ලද නියරක් මතට පුද්ගලයෙකු විසින් බුලත් කෙළ ගැසිමේ සිද්ධියකට මරණකරු හා ඔහුගේ පියාගේ වැඩිමල් සොයුරාත් එම පුද්ගලයාගේ කුඹුරේ වැඩ කිරිමට පැමිණි පුද්ගලයාත් අතර ඇතිවු බහින්බස් විමක් මුල්කර ගනිමින් ඇතිවු ගැටුමේදි මරණකරැට පියාගේ වැඩිමල් සොයුරා විසින් උදැල්ලකින් හිසට පහරදි ඇති බව පොලිසිය කියයි.
මෙම ගැටුම සිදුවන අවස්ථාවේදි කුඹුරු වැඩට සිය පියාට අත් උදව් දිමට මරණකරුගේ 19 හැවිරිදි පුත්‍රයාද කුඹුරට පැමිණ තිබුණි.
ඔහු විසින් බරපතල තුවාල ලබාසිටි සිය පියා අසල්වාසින්ගේද සහායෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබු අතර ප්‍රතිකාර ලබමින් සිටියදි ඔහු මියගොස් තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ 60 හැවිරදි ඥාතියත් එම පුද්ගලයාගේ කුඹුරේ වැඩට පැමිණි 34 හැවිරිදි පුද්ගලයාත් අත්අඩංගුවට ගෙන තිබුණි.

