
(සමන් කේ. ගමගේ)
ගලෙන්බිඳුණුවැව , වැවේ සොරොව්ව ආසන්නයේ නිවසක පිටුපස නිධන් වස්තු සෙවීමේ අරමුණින් අනවසරයෙන් කැණිම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු ගලෙන්බිඳුණුවැව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් ගලෙන්බිඳුණුවැව, පුත්තලම යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 44,37,45 යන වයස්වල පසුවන තිදෙනෙකු බව පොලිසිය සදහන් කරයි.
ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති චතුරංග මුරමුදලි මහතාට ලැබුණු තොරතුරකට අනුව සිදු කරන ලද එම වැටලීමේ දී එම ස්ථානය ආසන්නයේ තිබී පූජා භාණ්ඩ ඇතුළු කැණීම් උපකරණ කිහිපයක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර මැටියෙන් සාදන ලද රෑප 02 ක්ද, පහන් 01, දේවරූප 01, පන්දමක්, සවල් 01ක්ද පිකස් එකක්ද SOLAX වර්ගයේ වතුර මෝටරයක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

