
(අංජුල මහික වීරරත්න)
නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිය උපාය මාර්ගිකව, ජාතික සැලැස්මකට අනුව සංවර්ධනය කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
කල්මුනේ අෂ්රොෆ් අනුස්මරණ රෝහලේ රුපියල් මිලියන 150 ක පිරිවැයක් යටතේ ඉදිකරන ලද නව සායන හා ගෙවීම් වාට්ටු සංකීර්ණය විවෘත කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
මෙහි දී ගෙවන වාට්ටුවේ භෞත චිකිත්සක ඒකකය ද අමාත්‍යවරයා අතින් විවෘත කෙරිණි.
සායන හා ගෙවීම් වාට්ටු සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාවේ අදහස් දැකවූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කල්මුනය හා අවට ප්‍රදේශවල වෙසෙන ජනතාවට කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දීමට විවිධ දුෂ්කරතාවයන් මධ්‍යයේ කල්මුනේ අෂ්රොෆ් අනුස්මරණ රෝහලේ රෝහල් කාර්ය මණ්ඩලය දැඩි කැපවීමෙන් කටයුතු කිරීම අගය කළේය.
රෝහලට අවශ්‍යවන භෞතික සම්පත් සහ මානව සම්පත් ඉදිරියේ දී කඩිනමින් අදියරෙන් අදියර ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.
රජයක් ලෙස මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව අඛණ්ඩව, ප්‍රමිතිගතව, කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා සදහන් කළේය.



