(නාලක සංජීව දහනායක)
72 නිදහස් දින සැමරුම් උත්සවයේ පෙළපාළියට සහභාගී වන පිරිස මෙවර 30% කින් අඩු කිරීමට රජය තීරණය කර ඇත.
එමෙන්ම ජාතික නිදහස් දින උත්සවයේ තේමාවට සරිලන සංස්කෘතික අංග පමණක් යොදා ගැනීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව තිබේ.
සුරක්‍ෂිත දේශයක් - සෞභාග්‍යමත් රටක් තේමාව ඔස්සේ නිදහස් දිස සැමරුම පැවැත්වීමට ද ඒ සඳහා පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව තීරණය කර ඇත.
එමෙන්ම මහජනතාවට බාධා නොවන අයුරින් උත්සව භූමිය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තහවුරු කිරීම, රථවාහන හැසිරවීම, මෙන්ම පෙර පුහුණුවීම් කටයුතු සිදුකිරීම කෙරෙහි සියලූම දෙනාගේ අවධානය යොමුවිය යුතු බවද අග‍්‍රාමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇත.
එමෙන්ම ජාතික දිනයදා සෑම නිවසකම ජාතික ධජය එසවීමටත්, රටපුරා සෑම නිවසකම එකම මොහොතකදී ප‍්‍රයෝජනවත් පැළයක් රෝපණය කිරීමටත් පියවර ගන්නා ලෙසද අග‍්‍රාමාත්‍යවරයා එහිදී දැනුම් දී තිබේ.
තම ජීවිතය නොතකා අනෙක් අයගේ ජීවිත බේරාගත් අයගේ එකතුවක් වන වීර පොදුජන පදනම ද ජාතික දින පෙළපාළියට එක්වීමට අවසර ඉල්ලා තිබූ අතර එම ඉල්ලීමට අවසර දීමට ද රජය තීරණය කර ඇත.

