නිතිපතිගේ චෝදනාව ගැන මහජන ආරක්ෂක අමාත්‍ය කරුණු විමසයි


(සුජිත් හේවාජුලිගේ)

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට අදාල සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලිඛිතව තහවුරු කරන නැති බවට නීතිපති දප්පුල ද ලිවේරා මහතා කරන චෝදනාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා එම දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසා ඇත .

එම සැකකරුවන් හතළිස් දෙදෙනකු ගේ සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කර නැති බවත්සැකකරුවන් තවත් පස් දෙනෙකුගේ සාක්ෂි අසම්පූර්ණ බවත් නීතිපතිවරයා පොලිස්පතිවරයාට අද (16) දැනුම් දුන්නේය.

තමා විශ්‍රාම යාමට පෙර එම සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට මේ තත්ත්වය යටතේ නොහැකි වනු ඇතැයි නීතිපතිවරයා ප්‍රකාශ කර තිබේ.