(නිමල කොඩිතුවක්කු)
නැගෙනහිර පළාත් සභාව පාසල් දින දර්ශනය අත්තනෝමතිකව වෙනස් කර ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
දිවයින පුරා මුස්ලිම් පාසල් 916 ක දෙවන පාසල් වාරය අද (17) වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබුණි.
එහෙත් නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් 450 අතරින් ජාතික පාසල් පමණක් එදින ආරම්භ වූ අතර නැගෙනහිර පළාත් සභාවට අයත් මුස්ලිම් පාසල් එදින වසා දමා තිබුණි.
මෙය අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කාල සටහන අත්තනෝමතිකව වෙනස් කිරීමක් බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
නැගෙනහිර පළාත් සභාව එම පළාතේ මුස්ලිම් පාසල් පමණක් පාසල් දින දසුනට පටහැනිව අපේ‍්‍රල් 22 දින ආරම්භ කිරීමට තීරණය කර ඇත.
අපේ‍්‍රල් 22 පාසල් ආරම්භ වීම නිසා අපේ‍්‍රල් 27 සහ මැයි 4 සෙනසුරාදා දිනවල හිලව් සැසි පැවැත්වීමට ද නැගෙනහිර පළාත් සභාව තීරණය කර ඇත.
පාසල් වැසීමේ තීරණයක් ගැනීමේ අයිතිය රේඛීය අමාත්‍යාංශය සතුවන බවත් මේ ආකාර තීරණ ගැනීම තුළ පාසල් පද්ධතියේ බරපතල ව්‍යාකූලත්වයක් පැන නගින බවත් ස්ටාලින් මහතා සඳහන් කරයි.
නැගෙනහිර පළාතේ හැර සෙසු පළාත්වල මුස්ලිම් පාසල් මෙන්ම නැගෙනහිර පළාතේ මුස්ලිම් ජාතික පාසල් අද දෙවන පාසල් වාරය සඳහා ආරම්භ විය.

