(අංජුල මහික වීරරත්න)
මාර්තු 21 වැනිදා ජාතික නාවිකයන්ගේ දිනය වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ දේශීය ආර්ථිකයට නාවිකයන් විසින් ලබාදෙන දායකත්වය ඇගයීම පිණිස ජාතික නාවිකයන්ගේ දිනයක් ප්‍රකාශයට පත් කිරීම යෝග්‍ය බවට හඳුනා ගනු ලැබ තිබේ.
එමගින් නාවික වෘත්තිය සඳහා උනන්දුවක් දක්වන්නන් ආකර්ෂණය කර ගැනීම හරහා විදේශ විනිමය ඉපැයීමේ අවස්ථා ඇති කිරීම සහ සමෘද්ධි අංශයේ සේවාවන් වැඩිදියුණු කිරීම මගින් ජාතික ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඉහල නැංවීමට හැකියාව ලැබී ඇතැයි රජය පවසයි.
ඒ අනුව සෑම වර්ෂයක මාර්තු 21 ජාතික නාවිකයන්ගේ දිනය වශයෙන් ප්‍රකාශයට පත් කිරීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

