(කිරිඇල්ල - කපිල කුමාර)
සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක වන මේ අවස්ථාවේ නාවික හමුදාවේ නම ප්‍රදර්ශනය කරමින් අත්‍යාවශ්‍ය සේවා නාම පුවරුව යොදාගෙන රත්නපුර - පානදුර මාර්ගයේ වැලි ප්‍රවාහනය කරමින් සිටි සිවිල් පුද්ගලයකු පෙරේදා (15 ) ඇල්ලගාව කැටකැලැල්ල පාලම අසල ක්‍රියාත්මක වන පළාත් මයිම් මාර්ගපොලිස් බාධකයේදී අත්අඩංගුවට ගත් බව කිරිඇල්ල පොලීසිය කියයි.
අත් අඩංගුවට පත් සැකකරු ඇඹිලිපිටිය පදලංගල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයකි .
වැලි කියුබ් 4 කින් යුත් මෙම ටිපර් රථය මොනරාගල සිට ධාවනය ආරම්භ කර කොළඔ කුරුදුවත්ත ප්‍රදේශයේ ස්ථානයකට මෙලෙස වැලි ප්‍රවාහනය කරමින් ඇති බවට කරුණු වාර්තා වී ඇතැයි පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මේ දිනවල පවතින සංචරණ සීමා හේතුවෙන් ගමන් පහසුව සඳහා මෙලෙස නාවික හමුදාව යනුවෙන් සටහන් කළ නාමපුවරුව ප්‍රදර්ශනය කරමින් තමා ගමන් කළ බව සැකකරු පවසා ඇතැයි පොලීසිය කියයි.