නාවික හමුදා දින 2ට පුද්ගලයන් 13822ට එන්නත් කරලා


(ඉන්දිකා රාමනායක)

කොවිඩ් 19 ව්යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ නාවික හමුදාව ගත වු 8 -9 යන දින දෙක තුළදී පමණක් වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් 13822 ක් සඳහා “සයිනොෆාම්” එන්නතෙහි පළමු සහ දෙවන මාත්රාමවන් ලබා දුන් බව නාවික හමුදාව පවසයි.

රජයේ එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම සඳහා සහය වෙමින් නාවික හමුදාව අගෝස්තු 08 වන දින සිට කොළඹ නාවික හමුදා මුලස්ථාන රෝහල මගින් කොළඹ චෛත්යම පාරේ ප්රමදීපාගාර පරිශ්රායේදී ත්, වැලිසර නාවික මහ රෝහල මඟින් රාගමල ඇලපිටිවෙල චන්ද්රාවංශ විද්යාාලය සහ උස්වැටකෙයියාව ශාන්ත මේරි විද්යාුලය යන ස්ථාන මෙම එන්නත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවද නාවික හමුදාව පවසයි.

කොව්ඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්වෙන මෙම එන්නත්කරණ වැඩසටහන සඳහා මහජනතාවගේ විශාල උනන්දුවක් දක්නට ලැබෙන බවත් හෙට (11) දිනයේදී කොළඹ චෛත්යග පාරේ ප්ර්දීපාගාර පරිශ්රසයේදී පමණක් නාවික හමුදාව විසින් මෙම එන්නත් වැඩසටහන ක්රිදයාත්මක කරනු ලබන බවද නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.