නාවික ජැටිය කඩන්වැටී සිසුන් ඇතුළු 19ක් රෝහලට


(අමදෝරැ අමරජීව)

ත්‍රිකුණාමලය නාවික හමුදා පාලමේ ජැටියේ කොටසක් කඩා වැටිමෙන් අද (22) පස්වරුවේ වරාය නැරඹිමට පැමිණි 19 දෙනෙකු තුවාල ලබා ඇතැයි වරාය පොලිසිය කියයි.

තුවාල ලැබු 15 දෙනෙකු නාවික හමුදා රෝහලටත් ⁣සෙසු සිවුදෙනා ත්‍රිකුණාමලය රෝහලෙත් ප්‍රතිකාර ලබති.

මෙම පිරිස ගල්ගමුවේ සිට සංචාරයකට මෙලෙස පැමිණ ඇති අතර තුවාල ලැබු වැඩි දෙනෙකු පාසල් සිසුන් බව වාර්තාවේ.

ජැටිය කඩා වැටි පිරිස මුහුදට වැටි ඇති අතර එම ස්ථානය එතරම් නොගැඹුරු නිසා සිදු විමට ගිය විනාශයක් වැලකි ගොස් තිබේ.

තුවාල  ලැබුවන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.