නාවලපිටිය නගරයේ වෙළඳසැල් අද විවෘත කරයි


(රංජිත් රාජපක්ෂ)

 

විෂබිජහරණය සිදු කිරිමෙන් පසු නාවලපිටිය නගරයේ සියලුම වෙළදසැල් අද (18) දින උදැසන සිට විවෘත කර ඇති බව නාවලපිටිය නගර සභාව පවසයි.

නාවලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 වයිරසය ආසාදනය වු අසාදිතයන් 21 දෙනෙකු පසුගිය සතිය තුළ හමුවිමත් සමඟ නාවලපිටිය නගරය විෂබිජහරණය කිරිම සදහා ඉකුත් 15 දින පස්වරුවේ සිට අද (18) අලුයම තෙක් තාවකාලිකව වසා දැමිමට නාවලපිටිය වෙලද සංගමය පියවර ගෙන තිබුණි.

කොවිඩ් 19 වයිරසය අසාදනය වු 21 දෙනා නාවලපිටිය නගරයේ වෙළදසැල් වලට පිවිස ඇති බවට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර ගැනිම නිසා එම වෙලදසැල් තාවකාලිකව වසා දමා වෙළදසැල් සහ පොදු ස්ථාන විෂබිජහරණයට ලක් කිරිමට වෙළද සංගමය පියවර ගෙන තිබුණි.

නාවලපිටිය , පස්බාගේ කෝරලේ යන සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යයාල නිලධාරින් සහ නාවලපිටිය නගර සභාවේ සෞඛ්‍ය අංශ , නාවලපිටිය පොලිසියේ නිලධාරින් එක්ව නාවලපිටිය නගරයේ වෙළඳසැල් සහ පොදු ස්ථාන විෂබිජහරණයට ලක් කළහ.