නාය යාමෙන් නතර වූ බදුල්ල - කොළඹ මාර්ගයේ ගමන් ඉබි ගමනේ


(සමන් පාලිත නානායක්කාර)

අධික වර්ෂාව සමග අද 21දහවල් නාය ගොස් අවහිර වූ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය මේ වන විට වාහන යා හැකි වන පරිදි එක් මං තීරුවක් පමණක් විවෘත කළ බව පොලිසිය කියයි.

කෙටි කාලයක් තුළ අධික වර්ෂාපතනයක් ලැබීමත් සමග බෙරගල හපුතලේ අතර මාර්ග කොටස අද දහවල් නාය ගොස් ස්ථාන කිහිපයකදීම අවහිර විය.

විශාල ජල පහරක් ද මාර්ගය හරහා ගලා යනු දක්නට ලැබුණි.

මේ වන විට එම මාර්ග කොටසට තවත් ගල් පෙරළීමේ අවදානමක් ඇති බවත් මාර්ගය පහළ ඉවුරු බැමි ගිලා බැසීමට ලක් වී ඇති බවත් පොලිසිය කියයි.

මේ හේතුව නිසා එම මාර්ගය භාවිතයේදී දැඩි සේ විමසිලිමත්ව කටයුතු කරන ලෙසද පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිති.