නාමල්ගේ ක්‍රිෂ් නඩුවට දින දෙයි


ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධි සාවද පරිහරණය කළේ යැයි අධි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුවේ "පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය" සඳහා ජුනි මස 27 දින  ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද (21) නියම කළේය . 

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙසේ දින නියම කළ අතර  විත්තිකාර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අධිකරණයේ පෙනී සිටියේය.