(රංජන් කස්තුරි)
ජනාධිපතිවරණයට තරග කිරීමේ අරමුණින් මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත්කර එහෙත් නාමයෝජනා පත්‍ර බාර නොදුන් සහ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ අපේක්ෂකයින්ගේ එම ඇප මුදල් මැතිවරණයෙන් පසුව නැවත ඔවුන්ට ගෙවන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ඇප මුදල් රාජසන්තක වන්නේ ජනාධිපතිවරණයට තරගකර ප්‍රකාශිත ඡන්ද වලින් සියයට 12.5 කට වඩා අඩුවෙන් ලබාගත් අපේක්ෂකයින්ගේ පමණක් බවද මැතිවරණ කොමිසම සඳහන් කරයි.
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ හයදෙනෙකු තරග කිරීම සඳහා නාමයෝජනා පත්‍ර බාරදී තිබුණේ නැත.

