
නවසීලන්තයේ උසම කඳු මුදුන වන අඕරාකි හෙවත් මවුන්ට් කුක් කඳු මුදුනෙන් වැටී කඳු නගින්නන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
මීටර් 3,724ක් උස කඳු මුදුනට නැගීමට උත්සාහ කරමින් සිටි සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමෙන් දෙදෙනෙකු මෙලෙස මිය ගොස් ඇත.
අනතුර සිදු වී පැය කිහිපයකට පසු මියගිය කඳු නගින්නන්ගේ සිරුරු හමු වූ අතර, කඳු නගින්නන් කිසිවෙකු ප්‍රසිද්ධියේ හඳුනාගෙන නොමැත. නමුත් මියගිය අයගෙන් එක් අයෙකු ප්‍රසිද්ධ, ජාත්‍යන්තරව පිළිගත් කඳු මඟ පෙන්වන්නෙකු බව නවසීලන්ත මාධ්‍ය ආයතනයක් වාර්තා කරයි.
දකුණු දූපත පුරා දිවෙන දකුණු ඇල්ප්ස් කඳු මුදුනට ඉහළින් පිහිටා ඇති මවුන්ට් කුක් මුදුනට නැගීම, විශාල ඉරිතැලීම් සහ අනපේක්ෂිත කාලගුණය හේතුවෙන් පළපුරුදු කඳු නගින්නන්ට පවා දුෂ්කර ය.
මොලස මවුන්ට් කුක් කඳු මුදුනට යාමට උත්සාහ කළ බොහෝ දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
හසිනි නවෝද්‍යා
(අන්තර්ජාලය ඇසුරෙන්)

