නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හතරක් දිවුරති


(අංජුල මහික වීරරත්න)

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දුන්හ.

ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස්.රාජකරුණා, මේනකා විජේසුන්දර , සම්පත් බී. අබේකෝන්, සහ එම්.එස්.කේ.බී.විජේරත්න මහත්ම මහත්මීහු  ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස  දිවුරුම්  දුන්හ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.