නව වේත්‍රධාරී වැඩ භාර ගනියි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 7 වැනි වේත්‍රධාරී ලෙස කුෂාන් සම්පත් ජයරත්න මහතා අද  වැඩ භාරගත්තේය.

පාර්ලිමේන්තුවේ 6 වැනි වේත්‍රධාරී ලෙස රාජකාරි ඉටු කළ නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා  ඊයේ (30) විශ්‍රාම ගියේය.   කුෂාන් සම්පත් ජයරත්න මහතා එම තනතුරට පත් කෙරුණේ ඒ අනුවය.