
(අජන්ත කුමාර අගලකඩ)
නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ නව ග්‍රාම නිලධාරී වසම් පිහිටුවීම සඳහා සීමානිර්ණ කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇත.
නව ප්‍රාදේශීය ලේකම් ලේකම් කොට්ඨාස සහ ග්‍රාම නිලධාරී වසම් පිහිටුවන ලෙසට විවිධ පාර්ශවවලින් ලැබී ඇති ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.
මීට පෙර 2012 දී සීමානිර්ණ කමිටුවක් පත් කළ ද එහි පැවැති අඩුපාඩු හේතුවෙන් එය ගැසට් කර නොමැති අතර එම නිසාම එය නිල වශයෙන් පිළිගෙන නැති බව ද වාර්තා වේ.

