නව දේශපාලන පක්ෂ මේ මාසයේදී ලියාපදිංචි කෙරේ


(රංජන් කස්තුරි)
 
නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම මේ මාසයේදී යළි ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
 
නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම වසර කිහිපයකින් නොවුණු අතර ඒ සඳහා අයැදුම්පත් රැසක් එම කාලය තුළ මැතිවරණ කොමිෂන් සභාවට ලැබී තිබිණි.
 
කිසියම් මැතිවරණයක් ප්‍රකාශයට පත් කර එම ඡන්ද විමසීම පවත්වා අවසන් කෙරෙන තුරු නව දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීම නීතිය වේ.
 
යාපනයේ පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු සහ ප්‍රාදේශීය සභාවල මැතිවරණය ප්‍රකාශයට පත්කර වසර කිහිපයක් තිස්සේ ඡන්ද විමසීම නොපවත්වා තිබීමද නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට බාධාවක්ව තිබිණි.
 
මේ අතර පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව 70ක් වන අතර ඉන් පක්ෂ කිහිපයක තනතුරුවල ගැටලු පවතින බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.