නව අග‍මැතිට ඕමාන හා පලස්තීන තානාපතිවරුන්ගෙන් සුබ පැතුම්


(තිළිණි ද සිල්වා)
 
නව අග‍මැති ධූරයට මහින්ද රාජපක්ෂ මහතා පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිටින ඕමාන හා පලස්තීන තානාපතිවරුන් අග‍්‍රාමාත්‍යවරයා වෙත සුබ පැතුම් එක් කර ඇත.

 
නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත සිය අත්සනින් යුතු ලිපියක් යවමින් මෙලෙස සුබ පැතුම් එක්කර ඇත්තේ මෙරට ඕමාන තානාපති ජුමාහ් හම්දාන් අල් ෂිශ්හි සහ පලස්තීන තානාපති සුහායිර් එච්.දාර් සෙයිද් යන මහත්වරුන්ය.
 
නව අග‍්‍රාමාත්‍යවරයා වෙත සුබ පැතුම් එක් කරමින් එම තනාපතිවරුන් පෙන්වා දෙන්නේ වත්මන් අග‍්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් රට තුළ සාමය සෞභාග්‍යය සංවර්ධනය ඉදිරියට ගෙනයා හැකි බවට විශ්වාසය පළ කරන බවත් ශ්‍රී ලංකා රජය සමඟ එක්ව වැඩ කිරීමට අපේක්ෂා කරන බවත් පැවැසීය. 

තම රටවල් සමඟ දැනට පවතින සමීප මිත‍්‍ර සබඳතා දිගටම පවත්වා ගෙන යනු ඇතැයි විශ්වාස කරන බවත්  ඕමාන සහ පලස්තීන් තානාපතිවරු දෙපළ අග‍්‍රාමාත්‍යවරයා වෙත යොමු කළ සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ.
 
මහින්ද රාජපක්ෂ මහතා යලිත් වරක් අගමැති ධූරයට පත්වීම සම්බන්ධයෙන් සුබ පැතැම් එක් කරන බවත් ගෞරව සම්පන්න යහපත් සෞඛ්‍යයක් ප‍්‍රාර්ථනා කරන බවත් ඕමාන සහ පලස්තීන තානාපතිවරු කියා සිටිති.