(ඩයනා උදයංගනී)
නගරාන්තර හා දුරගමන් සේවා දුම්රිය වාර රැසක් අනිද්දා (1) සිට අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ දුර ගමන් සේවා දුම්රියන්හි ආසන වෙන්කිරීම අවම මට්ටමක පැවතීම නිසා මෙම තීරණය ගත් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල, මහනුවර, කන්කසන්තුරය, පොළොන්නරුව, බෙලිඅත්ත දක්වා ධාවනය වන දුම්රිය ගමන්වාර 7ක් අනිද්දා (1) සිට අවලංගු කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
එම දුම්රිය ස්ථානයන්හි සිට කොළඹ කොටුව දක්වාත් ධාවනය වන දුම්රිය 2 වැනිදා සිට අවලංගු කෙරෙන බව ද ඔහු සඳහන් කළේය.

