නගර සභා සේවකයා ඝාතනයට තවත් අයෙක් සැකපිට


(ගයාන් සූරියආරච්චි)

ගල්කිස්ස නගර සභාවේ සේවයේ නියුතුව සිටි 19 හැවිරිදි තරුණයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු ඊයේ (20) රාත්‍රී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ඔබන් පෙදෙස පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම සැකකරු එම ඝාතන සිද්ධියට ආධාර අනුබලදීම යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත් දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ග මාරපන මහතාගේ උපදෙස් පරිදි ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.