(තිළිණි ද සිල්වා)
ශ‍්‍රී ලංකාවේ ධීවර වරායන් සංවර්ධනය සඳහා වන ශක්‍යතා අධ්‍යනයකට ප‍්‍රංශ සංවර්ධනය සඳහා වන ඒජන්සිය විසින් යුරෝ 650.000 ක මුල්‍ය ප‍්‍රදානයක් ලබා දී ඇත.
යෝජිත ශක්‍යතා අධ්‍යනය මාස 09 ක් පුරා සිදු කෙරෙන අතර එම කාලය තුළ ගාල්ල , බේරුවල ,පුරන්වැල්ල , කුඩාවැල්ල යන නිරිත දිග වෙරළ තීරයේ පිහිටි ධීවර වරායන් ආශ‍්‍රිතව අදාළ ශක්‍යතා අධ්‍යනය සිදු කිරීමට නියමිතය.
මේ යටතේ 2004 වසරේ සුනාමියෙන් දැඩි ලෙස හානි වූ එම ධීවර වරායන් හි පවතින යටිතල පහසුකම් සහ උපකරණ වල තත්ත්වය පිළිබඳ අධ්‍යනය කිරීමට නියමිතව ඇත.
මෙම අවබෝධතා ගිවිසුම අනුව ශක්‍යතා අධ්‍යනය COFREPECHE ආයතනය විසින් සුදු කරනු ලබන අතර එම ශක්‍යතා අධ්‍යනය කළමණාකරණය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අංශය විසින් සිදු කිරීමට නියමිතය.
මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේදී සිදු කෙරිණ.
කෘෂිකර්ම , ග‍්‍රාමීය ආර්ථික කටයුතු , පශු සම්පත් සංවර්ධන , වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් කේ.ඩි.එස්.රුවන්චන්ද්‍ර මහතා සහ ප‍්‍රංශ සංවර්ධනය සඳහා වූ ඒජන්සියේ මෙරට අධ්‍යක්ෂ මාටින් පේරන්ට් මහතා විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබනු ලැබීය.

