
(රංජිත් රාජපක්ෂ)
නාවලපිටියේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රීරෝද රථයක් ගිනි ගෙන විනාශ වී තිබූ බව ගිනිගත්හේන පොලිසිය පවසයි.
අද (20) දින පස්වරු 5:30ට පමණ ගින්න හට ගෙන ඇත්තේ ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ අඹගමුව ප්‍රදේශයේදීය.
ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් රියදුරා විසින් පරික්ෂා කිරිමට යෑමේදි එක්වරම ගින්න හට ගෙන ඇති බව නාවලපිටිය පොලිසිය කියයි.
හටගත් ගින්න ප්‍රදේශවාසීන් සහ ගිනිගත්හේන පොලිසියේ නිළධාරින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා නිවා දැමුවද ගින්නෙන් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත.
ගින්න හට ගන්නා අවස්ථාවේ ත්‍රීරෝද රථයේ දෙදෙනෙකු ගමන් කර ඇති බවත්, ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති බව ගිනිගත්හේන පොලිසිය පවසයි.


