(විමුක්ති එස් රුද්‍රිගු සහ යොහාන් භාසුර)
කාන්තාවකට අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම සිඩ්නි අධිකරණ විනිසුරු රොබට් විලියම්ස් අද(07) ප්‍රතික්ෂේප කළේය.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ සැකකරු සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ධනුෂ්ක ගුණතිලක මහතා ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ බව ඕස්ට්රේලියානු මාධ්‍ය වාර්තා කළේය.
ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් නීතිඥ ආනන්ද අමරනාත් මහතා පෙනී සිටියේය.
ඇප ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසු ධනුෂ්ක ගුණතිලක සිල්වර්වෝටර් බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව ඕස්ට්රේලියානු මාධ්‍ය වාර්තා කළේය.

