(අංජුල මහික වීරරත්න)
විදෙස් පුහුණුව ලබා මෙරටට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරු රට හැර නොයා මෙරට රැදී සිටීමේ ප්‍රවණතාවයක් වර්තමානයේ දක්නට ලැබෙන බව නැගෙනහිර පළාතේ එරාවූර් රෝහලේ නිරීක්ෂණයකට එක් වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවලින් ජනතාවට ලබාදෙනු ලබන සෞඛ්‍ය සේවාවන් හි වත්මන් තත්ත්වයන් පිළිබද නිරීක්ෂණයක නිරත විය.
එම නිරීක්ෂණයෙන් අනතුරුව එරාවූර් රෝහලේ පාලනාධිකාරිය සහ රෝහල් කාර්ය මණ්ඩලය සමග රෝහලේ පවතින ගැටළු නිරාකරණය උදෙසා සාකච්ඡාවක්ද පැවැත්විණි.
මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ විදෙස් පුහුණුව ලබා මෙරටට පැමිණෙන සමහර විශේෂඥ වෛද්‍යවරු පළමු පත්වීම උතුර නැගෙනහිර වැනි දුරබැහැර ප්‍රදේශවලට ලබාදුන් පසු නැවැත විදෙස්ගත වන බවයි.
ආණ්ඩුව බාරගන්නා අවස්ථාවේ සියයට 70 ක් පමණ වූ එම තත්ත්වය මේ වන විට අඩුවීමක් පෙන්නුම් කරන බවත්, විදෙස්ගත නොවී මෙරට නතර වීම සියයට 60 –70 දක්වා අගයක් ගන්නා අතර එය සුබදායි ප්‍රවණතාවයක් බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.