(යොහාන් භාසුර)
ආනයනික සැමන්වල ආසනික් සංයුතිය වැඩිවීම හේතුවෙන් නැවත හරවා යැවීම නිසා සතොස වෙළෙදසැල්වල සැමන් නොමැති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ‘ලංකාදීප’ කළ විමසුමකදී පැවසීය.
දේශීය සැමන් නිෂ්පාදකයන් ලබන සතියේ සතොසට සැමන් සැපයන බවට පවසා ඇති බවත් එසේ වුවහොත් එම හිඟය යම් තරමක් හෝ පාලනය කළ හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.
සතොස සභාපති ආනන්ද පීරිස් මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ දේශීය සැමන් නිෂ්පාදකයන්ට ටින් ලැබීම පිළිබඳව ප්‍රශ්නයක් හේතුවෙන් දේශීය සැමන් සැපයුම ද ප්‍රමාද වන තත්වයක් නිර්මාණය වී ඇති බවයි.
සම්බා සහල්වල අඩුවක් තිබුණ ද සෙසු සහල් වර්ග ඕනෑ තරම් තොග සතොස සතුව ඇති අතර සෙසු ආහාර ද්‍රව්‍ය පැවැති මිලටම ලබාගත හැකි බවත්, ලබන සතියේ සිට සතොස සහල් මල්ලක් ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් සභාපතිවරයා පැවසීය

