දේශීය පළමු පෙළ වැඩිම ලකුණු වාර්තාව චන්දිමාල්ට


 

ශ්‍රී ලංකාවේ දේශීය පළමු පෙළ තරගාවලියේදී පිතිකරුවකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලබාගැනීමට ටෙස්ට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් අද (26 වැනිදා) සමත් විය. සැරසන්ස් පිලට එරෙහිව කටුනායකදී පැවැති පළමු පෙළ තරගයකදී චන්දිමාල් මෙම ලකුණු සංඛ්‍යාව ලබාගත්තේය. 

චන්දිමාල් පන්දු 391 කදී හතරේ පහර 33 ක් සහ හයේ පහර 9 ක් සමග ලකුණු 354 ක් රැස් කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේදී පැවැති පළමු පෙළ තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගැනීමේ වාර්තාව මහේල ජයවර්ධන සතුවෙයි. වසර 2006 දී දකුණු අප්‍රිකානු පිලට එරෙහිව කොළඹ එස්.එස්.සී. පිටියේදී ලකුණු 374 ක් ලබාගමිනිමින් මහේල ජයවර්ධන එම වාර්තාව පිහිටුවීය.

පළමු පෙළ තරග වලදී වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලාංකික පිතිකරුවෝ

374 -  මහේල ජයවර්ධන (දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගයකදී )
354* - දිනේෂ් චන්දිමාල් 
351 - කිත්රුවන් විතානගේ
342 - මිනෝද් භානුක
340 - සනත් ජයසූරිය 340 (ඉන්දියාවට එරෙහිව - ටෙස්ට් තරගයදී)
336 - කුසල් ජනිත් පෙරේරා
319 - කුමාර් සංගක්කාර (බංග්ලාදේශයට එරෙහිව - ටෙස්ට් තරගයකදී)
318 - උදාර ජයසුන්දර
300* - රමේෂ් මෙන්ඩිස්