දේශබන්දු කමිටුව 28 යළි රැස්වේ




(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කරන ත්‍රිපුද්ගල කමිටුව සිය ඉදිරි  විමර්ශන කටයුතු සදහා  ලබන 28 වැනිදා නැවත රැස්වීමට නියමිතය.

කමිටුව එදින පස්වරු 2.00ට  පාර්ලිමේන්තු කාරක සභා කාමර අංක 8හිදී රැස්වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

කමිටුව පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මහතා ඊයේ කැඳවා චෝදනා පත්‍රය භාර දුන්නේය.