දේශබන්දු අද හවස මැතිසභා කමිටුවට



 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතා ඔහුට එරෙහි චෝදනා  විමර්ශනය කෙරෙන  ත්‍රිපුද්ගල කොමිෂන් සභාව හමුවේ  අද(19) පස්වරු 2.00 ට පෙනී සිටීමට නියමිතය.

මෙම ත්‍රිපුද්ගල කමිටුව පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 8හිදී අද රැස්වෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු  සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණයේ හිටපු විනිසුරු අල්ලස් හෝ දූෂණ   චෝදනා විමර්ශන  කොමිෂන් සභාවේ සභාපති නීල් ඉද්දවල  සහ හිටපු මහාධිකරණ විනිසුරු ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරු කටයුතු කරති.