
(අංජුල මහික වීරරත්න)
ජනතාවට නිසි පරිදි සේවය සපයන ස්වාධීන හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
ජනතාව වෙනුවෙන් කැපවූ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තුලින් රට සංවර්ධනය කිරීමේ කාර්යභාරයට එකතුවන ලෙසද අග්‍රාමාත්‍යවරිය ඉල්ලා සිටියාය.
කළමනාකරණ සේවයේ III වන ශේණියට බඳවා ගැනීම සඳහා පැවති විවෘත තරඟ විභාගයෙන් සමත්ව සම්මුඛ පරීක්ෂණයෙන් තෝරාගත් නිලධාරීන් 1890 දෙනකුට පත්වීම් ලබා දීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද (29) පැවති උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මෙසේද කීවාය.
"ඔබ ඇතුලත් වෙන්නේ සාම්ප්‍රදායික රාජ්‍ය සේවයක් වෙනුවෙන් නොවන බව මතක් කරන්න කැමතියි. මෙතෙක් කලක් පැවති අකාර්යක්ෂම හා දේශපාලන ගැති රාජ්‍ය සේවයකට නෙමෙයි ඔබ ඇතුලත් වෙන්නේ.
ජනතාව වෙනුවෙන් පෙනී සිටින, ස්වාධීන රාජ්‍ය සේවයකටයි යනුවෙන් ද අමාත්‍යවරිය කීවාය.




