
(සුදත් පුබුදු කීර්ති සහ ඩබ්ලිව් ඩී එමිි විතාන)
දෙල්ගොඩ නාරංවල ප්‍රදේශයේෙ ගෙබිමක් පිරවීම සදහා පස් ප්‍රවාහනය කළ ලොරි රථයක් එම ගෙවත්තට ඇතුල් කිරීමෙිිදී එම මිදුලේ තිබු යමක් පුපුරා යෑමෙන් ගෙහිමි පුද්ගලයා සහ ඔහුගේ හත් හැවිරිදි දියණිය බරපතළ තුවාල ලබා ලබා රාගම රෝහලට ඇතුලත් කර ඇති බව මීගහවත්ත පොලීසිය පවසයි .
මෙසේ තුවාල ලබා ඇත්තේ නාරන්වල අන්නාසහේන ප්‍රදේශයේ පදිංචිව සිටි බියගම නිදහස් වෙළද කළාපයේ කර්මාන්ත ශාලාවක කළමණාකාර වරයකුවු තිස්නව හැවිරිදි ගෙහිමියා සහ උඩුපිල ප්‍රාථමික විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම පුද්ගලයාගේ සත් හැවිරිදි දියණියයි. පිපිරැම සිදුවන අවස්ථාවෙිි නිවසේ සිට ඇත්තේ ඔවුන් දෙදෙනා පමණි.
මෙිි දිනවල ජල සමිිපාදන මණ්ඩලය මගින් නව නුවර මාර්ගයේ ජල නල එලීම සදහා කාණු කැපීම සිදු කරන අතර එහිදි ඉවත් කරන පස් අනතුර වු ගෙහිමියාගේ ඉල්ලීම පරිදි එම වැඩ බිමෙිි රියදුරෙ ලොරි රථයකින් අවස්ථා කීපයකදී එම ගෙවත්තට රැගෙන විත් ඇත.



