දෙමහල් ගොඩනැගිල්ලක වහලයේ සිරව සිටි තුනක් ගුවන් හමුදාවෙන් බේරා ගනී


(ගයාන් සූරියආරච්චි)

පවතින අධික වර්ෂාවත් සමග මහව ඇල්ල ප්‍රදේශයේ ගංවතුරට හසුව විපතට පත්ව සිටි එකම පවුලේ තිදෙනකු ගුවන් හමුදාවට අයත් BELL-212 වර්ගයේ ගුවන් යානයකින් අද සවස බේරාගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පැවැසීය.

ඇල්ල ප්‍රදේශයේ දෙමහනල් නිවෙසක උඩු මහලේ කීපදෙනකු ගංවතුරට මැදිව විපතට පත්ව සිටින බවට ගුවන් හමුදාවට කළ දැනුම්දීමකට අනුව ගුවන් හමුදාවේ රත්මලාන කදවුරට අනුයුක්ත ගුවන් නියමුවෝ පිරිසක් එම තිදෙනා බේරාගත්හ.

බේරාගත් පිරිස අතර මව, දියණිය සහ පියා සිටින බව ගුවන් හමුදාව පැවැසීය.

බේරාගත් ගත් පවුලේ සාමාජිකයන් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකළ බව ද ගුවන් හමුදාව කීය.

ගුවන් හමුදාවේ අංක 04 හෙලිකොප්ටර් බලඝණයට අයත් නිලධාරීන් කණ්ඩායමක් එම මෙහෙයුම දියත් කළේය.