(සුමිත් පොතුපිටිය සහ දයා හේමන්ත සිල්වා )
පහරදී ඝාතනය කළ බවට සැක දෙපා ගැටගසා තිබූ පුද්ගල මළසිරුරක් ඇලමෝදර කැපූ ඇලේ පවෙමින් තිබියදී අද පෙරවරුවේ හමුව ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පැල්පොල , පරගස්තොට, නවෝද්‍යා මාවතේ පදිංචිව සිටී පල්ලවත්තගේ ධර්මවර්ධන නමැති 54 අවිවාහකයකු බව පොලිසිය කීය.
ඝාතනය සම්බන්දයෙන් හිටපු නාවික හමුදා සෙබළෙකු සහ තවත් පුද්ගලයකු මොරොන්ත්ඩුව පොලිසියේ බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අළුත්වත්ත පාර, කලපුගම සහ කොස්මැදේ පාර කලපුගම ප්‍රදේශයේ පදිංචි 24 සහ 18 වියැති පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය කීය.

