දුඹුරු සීනි වැට් ඉවත් කරන්න කැබිනට් පත්‍රිකාවක්


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දුඹුරු සීනි වල වැට් බදු ඉවත් කර ගැනීම සඳහා  කැබිනට් පත්‍රිකාවක්  ලබන සතියේ ඉදිරිපත් කරන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ලංකාවට පිටින් ගෙන්වන සුදු සීනි වලට වැට් බද්ද අය කරන්නේ නැතැයි කී අමාත්‍යවරයා නමුත් ලංකාවේ නිෂ්පාදනය කරන දුඹුරු සීනි වලට වැට් බදු 18%ක් සහ තව සියයට 2.5ක බද්දක් අය කරන බව කීය.

කර්මාන්ත ශාලාවෙන් එළියට එන විටම දුඹුරු සීනි කිලෝවක් රුපියල් 300ක් වන අතර වෙළඳපොලේ සුදු සීනි කිලෝවක් රුපියල් 220ක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

දුඹුරු සීනි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයක් බවට වර්ගීකරණය කොට ලංකාවට පිටින් ගෙන්වන සුදු සීනි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට නම් කර තිබෙන්නේ යැයි කී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විශේෂ වරප්‍රසාද දී තිබෙන්නේ සීනි බදු වංචා කළ  අයට සහන දීමට යැයි ද මෙම කාරණය නිවැරදි කළ යුතුව තිබෙන බව ද කීය.